ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට නම් අප ජාත්‍යන්තර වෙළෙඳ පොළට යොමුවිය යුතු අතරම ජාත්‍යන්තර ආයෝජකයන්ද සෘජුවම අප රටට කැඳවාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ආර්ථික වර්ධනය යනු රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් උපදවාගැනීම බවත් අද වනවිට ආර්ථික වර්ධනයේ වගකීම සහ මූලික කාර්ය භාරය පැවරී ඇත්තේ පෞද්ගලික අංශයට බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින්නේ මිලියන 22 ක කුඩා වෙළෙඳපොළක් බවත් එම වෙළෙඳපොළ තුළ පමණක් ආයෝජනය කිරීමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගත නොහැකි බවත් සඳහන් කළ අගමැතිවරයා අසල්වැසි වෙළෙඳපොළ වලින් ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත යොමුවීමට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අවධානය යොමු කළයුතු බවත් එවිට අපට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් පැවසුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ 06 වැනි සමුළුවේදීය.
මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි
