පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.

පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.
Spread the love

 (27) ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පැවති තරඟයකදී දකුණු කොරියානු කණ්ඩායම පසුගියවර ලෝක ශුරයන් වූ ජර්මානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා.

සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ජර්මානු කණ්ඩායම දකුණු කොරියාව අතින් පරාජයට පත්වීම බොහෝ දෙනා නොසිතූවක් මෙන්ම එය පාපන්දු ලෝකයම කැළඹූ පුවතක් බවට පත්වුණා.

කෙසේ වුවත් දකුණු කොරියානු කණ්ඩායම  ස්වීඩන් කණ්ඩායම එරෙහිව පළමු තරඟයට පරාජයට පත්වුණා.පසුගිය බ්‍රහස්තිපතින්දා (21) රුසියාවට පැමිණි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සෙනසුරාදා (23) දිනයේ පැවැත්වුණු දකුණු කොරියා – මෙක්සිකෝ තරඟය නරඹන්න පැමිණියා.කෙසේ වුවත් දකුණු කොරියාව එම තරඟයත් පරාජයට පත්වුණා.

ඒ තරඟයෙන් පස්සේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තමන්ගේ රටේ ක්‍රීඩකයන්ව හමුවෙන්න ගියා. ඒ වන විටත් තරඟ දෙකක් පරාජයට පත්වෙලා මානසිකව වැටිලා හිටපු ඔවුන්ව ජනාධිපතිරවරයා බොහෝ දිරිමත් කළා.

ජර්මනිය සමග පැවත්වෙන්න නියමිතව තිබුණු තරඟයට සුභ පැතුවා.අන්තිමේදී ලෝක ශුර ජර්මානුවන්වත් පරාජය කරන්න දකුණු කොරියාවට හැකිවුණා.

මූන් ජේ ඉන් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව එරට බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තිබෙනවා කියලයි විදෙස් ආරංචි මාර්ග කියන්නේ.

වීඩියෝව පහතින් නරඹන්න.