මේ දිනවල ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ පාපන්දු දිහාවට.ඒ රුසියාවේ පැවත්වෙන පාපන්දු කුසලානය නිසා.ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් ලෝකයම බලා ඉන්න ක්‍රීඩකයෙක් තමයි ලියොනල් මෙසී.එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකනෙ මෙසී ක්‍රීඩා පිටියෙදි විතරක් නෙමයි ඉන් පිටතදී පවා ඉතා නිහතමානී පුද්ගලයෙකුයි කියලා බොහෝ දෙනා කියන්නේ.
පහුගිය දවසක ඒ කතාව තවත් පැහැදිලි කරන අපූරු සිදුවීමක් සිද්ධ වුණා.
ලෝක කුසලානය අවාරණය කරන්න සහභාගී වෙලා ඉන්න මාධ්‍යවේදියකු මාධ්‍ය හමුවක් අතරතුර මෙසීට ‘රතු පාට රිබන් පටියක්‘ ලබාදුන්නා.ඔහුගේ මව එය දීලා තිබුණේ වාසනාව ගේන පටියක් එය මෙසීට ලබාදෙන්න කියලා.කොහොම හරි මේ මාධ්‍යවේදියා ඒ පටිය පසුගිය 16 වෙනිදා අයිස්ලන්තය හා ආජන්ටිනාව අතර තරඟයට පෙර මෙසීට ලබාදෙන අතරේ ‘‘මගේ අම්මා කීවා මෙය ඔබට ලබාදෙන්න කියලා..එයා මටත් වැඩිය ඔබට ආදරෙයි..ඒ වාසනාව ගේන රතුපාට රිබන් පටිය මම අරගෙන ආවා ඔබට එය ඕන නම් මට දෙන්න පුලුවන් එය පරිස්සමින් ළඟ තබාගන්න‘‘කියලා කිව්වා.
ලෝක පූජිත ක්‍රීඩයෙක් මේ වගේ දෙයක් වැඩිය ගණනකට නොගෙන ඒ වෙලේම විසි කරන්න ඇති කියලා බොහෝ දෙනා හිතාවි.නමුත් එහෙම වුණේ නැහැ ආජන්ටිනාව හා නයිජීරියාව අතර පැවති තරඟයෙන් පස්සේ පැවති මාධ්‍ය හමුවකදී මේ මාධ්‍යවේදියා ඔහු ලබාදුන් පටියට කුමක්ද කළේ කියලා මෙසීගෙන් ඇහුවා.ඒ වෙලාවේ හැමෝම පුදුමයට පත් කරමින් මෙසී එය ඔහුගේ කකුලේ බැඳගෙන තියන හැටි පෙන්නුවා.ඒ වෙලාවේ මාධ්‍යවේදියා ‘නැහැ වෙන්න බෑ වෙන්න බෑ‘ කියලා පුුදුමයෙන් කීවා වගේම ඔහු නයිජිරීයාවට එරෙහිව වාර්තා කළ ගෝලය ගැහුවේ ඒ කකුලෙන්ද කියලත් ඇහුවා .ඒ වෙලාවේ සිනාසෙමින් උත්තර දුන් මෙසී කීවේ නැහැ මම එය ගෝල ගැහුවේ අනෙක් කකුලෙන් කියලයි.
වීඩියෝව පහතින් නරඹන්න.