හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට චයිනා හාබර් ආයතනය විසින් මහින්ද රාජපක්‌ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාදී ඇතැයි කියන රුපියල් කෝටි 112 ක මුදල එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ තැන්පත් කර ඇතිදැයි දැනගැනීමට ආණ්‌ඩුව එම රටවලින් විමසීමක් කර ඇත.
යහපාලන ජාතික රජයේ තීරණයකට අනුව සහ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කියන මෙම මුදල් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තිබෙන බවට ලද තොරතුරු මත විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් එම විමසීම කර ඇත.
එලෙස මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ ප්‍රසිද්ධ අනාවරණයකින් පසුව පැවැත්වූ පුළුල් පරීක්‌ෂණයක් අනුව මෙම තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
රජ්‍ය මට්ටමින් අනාවරණය කරගනු ලැබූ තොරතුරු මත රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයට මුදල් දීමට මුල් වූ චයිනා හාබර් සමාගමේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු යළි චිනයට හරවා යැවීමට ද ජාතික ආණ්ඩුව පියවර ගෙන ඇත.