සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. – පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. –  පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර
Spread the love

 

ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා මෙහෙයක් සදහා වෙන් කර ඇති නිසා තවත් දින කිහිපයකින් අරුණට පුහුණුව සදහා ස්ථානයක් අහිමිවනු ඇත. ලෝකයම බලාගෙන සිටින මෙම ක්‍රීඩකයාට පුහුණුවට තැනක් ලංකාවේ නොමැති බැවින් ඊට ඇති එකම විකල්පය පුහුණුව සදහා හැකි ඉක්මනින් ඔහු ෆින්ලන්තය වෙත යැවීම බව ඔවුන් පෙන්වා දෙයි. නමුත්, ඒ සදහා කිසිදු පියවරක් මේ දක්වා ගෙන නැත”.

“ඊයේ දිනයේ අරුණ දර්ශනට ෆින්ලන්ත තරඟාවලියට අවශ්‍ය උපකරණ පෞද්ගලික මට්ටමින් ඔහු වෙත ලබාදෙනු ලැබීය. ඔහුට උපකාර කරන කිසිදු පුද්ගලයෙකුට ඔහුට සුදුසු ක්‍රීඩාංගනයක් ලබාදීමට හැකියාවක් නැත. මේ පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මෙයට පෙර ඉල්ලීමක් ද කර තිබුණි. මේ සම්බන්ධයෙන් වන දෙවන සිහිකැඳවීමේ ලිපියද අද (29) වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, කමල් පද්මසිරි මහතා වෙත යොමු කරනු ලැබීය”.

එළඹෙන ජූලි මස පළමු සතියේ අරුණ දර්ශන එහි යාමට නියමිතය.