පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා
Spread the love

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
කෙසේ නමුත් පළාත් සභා තුනක කාලය මේ වන විට අවසන්ව ඇති අතර තවත් පළාත් සභා තුනක කාලය ලබන මාසයේදී අවසන් වේ. මේ නිසා මැතිවරණය දෙසැම්බරයේදී පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි.
මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් සතියේ කථානායකවරයා හමුවී සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා හා සීමා නිර්ණ කමිටු සාමාජිකයන්ද සහභාගි වී ඇත.
එහිදීද තීරණය වී ඇත්තේ ලබන 06 දායින් පසුව මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ලබන 6දා පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සභාව කල් තැබිමේ විවාදය පැවැත්වේ.