මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා

මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා
Spread the love
ඉකුත් පාලන සමයේ නොකළ වැඩ කටයුතු රැසක් වත්මන් රජය දෝෂාරෝපණ මධ්‍යයේ හෝ ඉටු කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජනතාවට භුමියේ අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා. වතුකම්කරුවන්ට පර්චස් 07 ක් සහ ගම්වැසියන්ට ඔවුන්ගේ ගම්වල ඉඩම් අයිතිය ලබාදෙනවා. මේ ගැන තමන්ට දෝෂාරෝපණ එල්ල වනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට කරන්න බැරිවුනු දේයි දැන් මේ කරමින් ඉන්නේ, ඒ නිසා මට බැනලා වැඩක් නැහැ. අමාරුකම් මධ්‍යයේ ජනතාවට සහන සපයන බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියේය.
මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නගරයේ “නයිට් රේස් ” පැදීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා පවසා සිටියා. පළමු වසර තුනහාමාර තුල විවේචන මධ්‍යයේ රට ඉදිරියට රැගෙන ආ බවත් කිසිදු අවස්ථාවක තමන් බොරු නොකියූ බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටින ලචී.