ජෝඩු මාරු – අමුතු මාදිලියේ උප සංස්කෘතියක තොරතුරු එලියට.. පොලිස්පතිතුමාගේ අවධානයට..

Spread the love

ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉතා පහසුවෙන් අලෙවි කරගත හැකි භාණ්ඩයකි ලිංගිකත්වය. ලංකාවේ සංස්කෘතිය වනසමින්  සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගන්නට පෙලබවන මන්දමානසිකයන් කණ්ඩායමක් පිලිබදව අපට තොරතුරු ලැබී ඇත. ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය යොදාගනිමින් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වේ.

විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ තිබෙන අතර මෙලෙස මානසික ආතතියෙන් පෙලෙන  යුවළ සඳහා කාමර පහසුකම් සහ අවශේෂ වෙනත් සේව සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වී තිබේ.

පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම් වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ. එම නිසා මෙවන් ජාවාරම් වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම මැවින් ක්‍රියා නීතියෙන්ද තහනම්ය.

[rns_reactions]