ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය.
ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන කතාව පරස්පර යැයි කී නානායක්කාර මහතා මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය.
‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න.
මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘
අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි
