තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
ජයරත්න මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී වන අතර සිඩ්නි ජයරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
‘‘සීමා නිර්ණ කමිටුවේ අය පිස්සුවක් නටලා. තැන් තැන්වල කුකුල්ලු කපලා අරක්කු බීලා සීමා නීර්ණය කරනවා. අපේ ප්‍රදේශවල සීමා නිර්ණය අද ලොකු අවුලක් වෙලා. මම අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධයි. පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනැ. අප අද කාගේත් ලණු කන්න අවශ්‍ය නැහැ.‘‘
පක්ෂෙන් එළෙව්වත් කමක් නෑ සීමා නිර්ණයට විරුද්ධයි
