දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස් දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසූ අතර
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම හිමිවූ ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී ඇමැතිවරුන් අත් ඔසවමින් ඊට සහාය පළ කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය බේරා ගැනීම සඳහා තමාට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බව ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.
කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට් අනුමැතිය…ජනපති ලැයිස්තුව ඉල්ලයි
