පුජනීය අනුරාධපුර නගරයේ ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් 23 දෙනකු අද(12) එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින්වු ශරිර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂන ධනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.
කලක් තිස්සේ අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන ආයුර්වේද මධ්‍යස්ථාන වල සේවයේ නියුතු කාන්තාවන් ගණිකා වෘත්තියේ නිරත වන බවට ලද තොරතුරු මත අනුරාධපුර පොලිසිය විසින් ඊයේ(11) මෙම ආයුර්වේද සම්භායන ආයතන වටලා තිබුණි.
උපාය දුතයන් යොදවා සිදුකළ මෙම මෙහයුමේදි සම්භාහන ආයතන හයක් වැටලූ පොලිසිය එහි සිටි කතුන් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය.
අත් අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අනුරාධපුර කැගල්ල රත්නපුර යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
[rns_reactions]