ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා
Spread the love

එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.

වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.

ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.