මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ඊට ප්‍රසාදය පළ කරමින් පෝස්ටර් අලවා තිබෙනවා .එම අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් මේ වන විට වන විට ඇතැමුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ ප්‍රචාර පළ කරමින් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යස්ථ ජනතාව පවසන්නේ පසුගිය රජය සමඟ මත් කුඩු ව්‍යාපාරිකයන් සමග සමග ඇතැමුන්ට සබඳතා තිබූ නිසා වත්මන් ජනාධිපතිවරයා මෙන් ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දීමේ හැකියාවක් පැවති රජය ට නොතිබූ බවයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමත් සමඟ ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන සහ ජනතා බලවේග ද සිය ප්‍රසාදය පළ කර තිබෙනවා .
එවැනි තත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ කරමින් මෙවැනි ව්‍යාපාරික සඳහා අකුල් හෙළන පුද්ගලයන් පිළිබඳවද යළි සලකා බැලිය යුතු බවයි බොහෝ සංවිධාන පෙන්වා දෙන්නේ .

