මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙ තම රෙජිමයේ අයත් අහුවෙන නිසයි

මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙ තම රෙජිමයේ අයත් අහුවෙන නිසයි
Spread the love

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණ පිළිබඳව මේ වන විටත් ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනා සිය ප්‍රසාදය පළ කරමින් සිටිනවා.

එවැනි වාතාවරණයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් සහ පසුපස සිටින ඇතැම් පුද්ගලයන් සිය අප්‍රසාදය පළ කරමින් සිටිනවා.

රාජපක්ෂ රෙජිමයේ කිහිප දෙනෙකු මරණ දණ්ඩනයට ලක් වීමේ අවස්ථාවක් ඇති බව පැවසෙන අතර ඒ අනුව එම පුද්ගලයන් බේරා ගැනීමේ අරමුණ ඇතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පසුපස සිටින පුද්ගලයන් මෙම තීරණයට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

වෙලේ සුදා ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්මකරුවන් රාජපක්ෂ රෙජීමය සමග සම්බන්ධතා පැවැත්වූ බවට පසුගිය කාලයේ දී හෙළි වුණා.