පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.
ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන ප්රබල පාතාල නායකයකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර තිබේ.
මේ පස්දෙනා අතර පොලීසියේ රාජකාරි කරමින් සිටියදී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකුද සිටින බවත් පැවසේ.

