මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.
මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.
එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප‍්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.