එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මේ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයිද පැවසෙන අතර ඕනෑම අවස්ථාවක ඕනෑම තනතුරක් අතහරින්නට සූදානම් බව වත්මන් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසා ඇත.
