ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…

ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…
Spread the love

රාජපක්‌ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
 
 මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.
 
 රාජපක්‌ෂ පවුලේ අයගේ නම්වලින් ඩුබායි බැංකු ගිණුම් තුනක ඩොලර් මිලියන 1086 ක්‌ හා තවත් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක්‌ ඇති බවද ඔවුන්ට හිතවත් හිටපු ලේකම්වරයකුගේ හා සභාපතිවරයකුගේ හවුල් ගිණුමක ඩොලර් මිලියන 1800 ක්‌ ඇති බවට සියලු තොරතුරු ලැබී ඇතැයිද සේනාරත්න මහතා කීය.
 
 එමෙන්ම ඔවුන්ගේ හොංකොං හා සිංගප්පූරු බැංකු ගිණුම්වල තොරතුරු ද ලබාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය. 
 
 එම මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු කටයුත්තක්‌ වන නමුත් එම මෙහෙයුම දැනට ක්‍රියාත්මක කර ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.