මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…

මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…
Spread the love
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත.
මහරගම ප‍්‍රදේශයේ ඡන්ද දායකයෙකු වන චන්ද්‍රසේන පෙරේරා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ වනවිට ඉල්ලා අස්වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමේ දී ගැටළු මතුවන බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව ඔහු විසින් අධිකරණයට දන්වා ඇත.