කරුණානිධිගේ මරණයට මුලතිව් ජනයා රතිඤ්ඤා දල්වා සතුට පළකරයි

කරුණානිධිගේ මරණයට මුලතිව් ජනයා රතිඤ්ඤා දල්වා සතුට පළකරයි
Spread the love

තමිල්නාඩු හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බව මුලතිව් ප්‍රදේශවාසීහූ පවසති.
 
 ඔවුන් පවසා සිටියේ උතුරේ බහුතර පිරිසක්‌ කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවයි.
 
 අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජනතාව දුකට පත්වූ අවස්‌ථාවේ මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කරුණානිධි මහතා කිසිදු සහයක්‌ නොදැක්‌වීම හා දමිළ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක්‌ නොකිරීම හේතුවෙන් මොහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ප්‍රසාදයක්‌ නොපවතින බව මුලතිව් ජනතාව පැවැසූහ.
 
 මුලතිව් ජනතාව වැඩිදුරටත් පැවසුවේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට අසනීපයක්‌ වූ අවස්‌ථාවේ තමිල්නාඩුවේ තබා ඇයට ප්‍රතිකාර ලබාදීමටද කරුණානිධි ප්‍රතික්‍ෂේප කොට තිබීමේ කාරණාව හේතුවෙන්ද දෙමළ ජනතාව තුළ මොහු සම්බන්ධයෙන් පැහැදීමක්‌ නොතිබූ බවයි.
 
 මුත්තුවේල් කරුණානිධි මහතා පස්‌ වතාවක්‌ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තනතුරට පත්වූ අයෙක්‌ වන අතර ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල චරිතයක්‌ විය.