එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තායක සූදානම් වන බවට ආරංචි ලැබී ඇත.
වර්තමාන දේශපාලනයේ විශාල හිඩැසක් පවතින බවත් එය පිරවීමට නව දේශපාලන ව්‍යාපාරය හරහා කටයුතු කරන බවයි ඔහු කියා සිටී.
සැප්තැම්බර් මස අවසානයේදී නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු මෙහිදී සඳහන් කරන අතර
නව දේශපාලන ව්‍යාපාරයේ ඉලක්කය වන පාර්ශ්ව පිළිබදව ඔහු අදහස් පළ කරයි,
එක්සත් ජාතික පක්ෂයෙන් බිඳ වැටුණු සහ වෙන් වුණු විශාල පිරිසක් ගම් මට්ටමින් ඉන්නවා. ඒ ප්‍රමාණය 50% ක් කියලා හිතන්න පුළුවන්. ඔවුන් එකපාර වෙනත් දේශපාලන දර්ශන පිළිගන්න පෙළඹෙන්නේ නෑ. නමුත් ඔවුන්ටත් අවශයි දේශපාලන පක්ෂයක්. ඒ හිඩස අපි දැක්කා. ඒ වගේම මෙතන තව කොටසක් ඉන්නවා..UNPත් නොවන ශ්‍රීලංකාත් නොවන. මේ මැදින් ඉන්නේ ගොඩාක් වෙලාවට තරුණ කොටස්. මේ සියලු දෙනා ඉලක්ක කෙරෙන වැඩපිළිවෙලක් වෙත අපි යනවා

