සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් වාර්ථා වේ.
රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017.10.28 වැනි දා කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවු බව පවසමින් රොෂානා විසින් බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කල අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකාර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.