ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතියට යටත් වූ එම මූල්‍යාධාරය පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව ලක් රජය සමඟ සාකච්ඡා කරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
බෙංගාල බොක්කේ ආරක්ෂක ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ මානුෂීය හා ආපදා ප්‍රතිචාර වැඩසටහන සඳහා අදාළ මූල්‍යාධාරය යොදා ගනු ඇති බව ඇමරිකාවේ අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

