විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට

විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට
Spread the love
විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉකුත් දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටි අතර දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට  කිසිවටකත් තමන් කටයුතු නොකරන බව  අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු.10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත්  විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට පියවර ගත් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා මෙවැනි දේවල් සිදුකරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.