ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය
Spread the love

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ වසරේදී අවසන් වීමට නියමිත අතර එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.   ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර එය මෙම වසරේදී අවසන් වීමට නියමිතය.

ගිවිසුම් කාලය අවසන් වූ පසු දෙන සහන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත