සිංගප්පුරු – ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ සිංගප්පුුරුවේ කසළ මෙරටට ගෙන එන්නේ නැතැයි වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
සිංගප්පුරු – ශ‍්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට අනුව යම් යම් දේවල් ලැයිස්තුගත කර තිබුණත් නීත්‍යානුකූලව එවැනි දෙයක් සිදුකළ නොහැකි බව ද හෙතෙම ඊයේ (22 )සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මෙම ගිවිසුම උපයෝගී කර ගෙන විපක්‍ෂය විසින් අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බව ද එවැනි අසත්‍ය ප‍්‍රචාරවලින් රටේ ජනතාව මුලා නොකරන ලෙස ඉල්ලා සිටින බව ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.
රටේ අනාගතය වෙනුවෙන් අප ආසියානු කලාපයට ඇතුළු වීම අත්‍යවශ්‍ය දෙයක් බව ද, එය දේශපාලන කෝණයකින් බැලිය යුතු නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
අදාළ ගිවිසුම තුළින් සිංගප්පුරු, ඉන්දියා, පාකිස්තාන, බංග්ලාදේශ ශ‍්‍රමිකයන් මෙරටට පැමිණෙන බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

