හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද (12) දහවල් අනතුරක් සිදුවු අතර මේ අනතුරින් පසු බස් රථ දෙකේම මගීන් කුපිතවී ශ‍්‍රී ලංගම බස් රථයේ රියදුරාට පහරදී ඇති බව සදහන්.
පසුව බස් රථ දෙකේම රියදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
ශ‍්‍රී ලංගම බස් රථය අධික වේගයෙන් පැමිණ පෞද්ගලික බස් රථය ඉස්සර කර නතර කළ බවයි සිද්ධිය දුටුවන් කියා සිටියේ.
එම අවස්ථාවේ පෞද්ගලික බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ශ‍්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව තිබෙනවා. බස් රථ දෙකටම අලාභ සිදුව ඇතත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
[rns_reactions]