රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්

රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්
Spread the love

නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.

නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.

කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.