ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට
Spread the love
ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.
රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් පමණ වනවා.