මූල්‍ය චෝදනා ඇති ආණ්‌ඩුවේ මන්ත්‍රීලාත් විශේෂ මහාධිකරණයට ගෙන ආ යුතුයි

මූල්‍ය චෝදනා ඇති ආණ්‌ඩුවේ මන්ත්‍රීලාත් විශේෂ මහාධිකරණයට ගෙන ආ යුතුයි
Spread the love

 අලුතින් පිහිටුවනු ලැබූ විශේෂ මහ අධිකරණය තුළින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නඩු පමණක්‌ නොව ආණ්‌ඩුවේ මූල්‍ය අපරාධ පිළිබඳව චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ගේ ද නඩු විභාගයට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචJද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.
 
 ඊයේ (31) රත්මලාන ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් ඇය මේ බව කියා සිටියාය.
 
 වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේද කීවාය.
 
 ඉකුත් කාල වකවානුව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සහ ප්‍රමාදවීම් සිදුවීම නිසා තමයි මෙම විශේෂ අධිකරණය පිහිටුවීමට සිදුවූයේ.
 
 අද මුළු රට පුරා ජනබල මෙහෙයුම් දියත් කරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කිරීමට විපක්‍ෂ කණ්‌ඩායම් ක්‍රියා කළත් ඒ අයව පුටුවලින් බලහත්කාරයෙන් ඉවත් කරන්න බැහැ. ජනපති අගමැති පත් කළේ මේ රටේ ජනතාව. ඒ දෙපළටම තව අවුරුදු එකහමාරක්‌ පමණ තියනවා කටයුතු කරන්න. ඒ අනුව ඉදිරියේදී ජනතාව තමයි තීරණය කරන්නේ ඊළඟට පත් කරන්නේ කවුද කියලා.