ජොනී ඇතුළු තිදෙනෙක් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

ජොනී ඇතුළු තිදෙනෙක් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්
Spread the love

සතොස මුදල් අවභාවිත කළැයි චෝදනා ලබා සිටින ඉකුත් රජයේ වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නඩුව අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊයේ (03) නියෝග කළාය.
 
 නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 11 වැනිදා ආරම්භ කිරීමට නියෝග කළ විනිසුරුවරිය එදින සිට නඩුව දිනපතා කුරුණෑගල මහාධිකරණයේදී විභාග කරන බවද ප‍්‍රකාශ කළාය.
 
 මෙහිදී ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සමඟ බන්ධනාගාර ගතකරනු ලැබූ සෙසු දෙදෙනා වන්නේ ඔහුගේ පෞද්ගලික ලේකම් වූ මොහොමඩ් සාහීර් සහ ලක්‌සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයයි.
 
 ඉකුත් රජය සමයේ හිටපු අමාත්‍යවරයා විසින් රජයට අයත් ලක්‌සතොස ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ මේ නඩුව විභාග වෙමින් තිබේ.
 
 නඩුවේ චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා සමඟ නලින් ප්‍රනාන්දු, කාංචන රත්නායක සහ ලක්‌මාල් රත්නායක යන නීතිඥවරු පෙනී සිටියහ.