නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පත්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පොලිසිය භාර ඇමැතිවරයකු සිටියත් එය පාලනය කරන්නේ අරලිය ගහ මන්දිරය සහ සාගල රත්නායක ඇමැතිවරයා බැවින් පොලිසිය පිළිබඳව කිසිදු විශ්වාසයක් මේ මොහොතේ තැබිය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.
නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා විසින් කළ බව කියන එම හඬ පටයේ ජනාධිපතිවරයාත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලසුම පිටුපස යම් දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. හඬ පටය නියෝජ්‍ය පොලිස්‌පතිගේ නොවේ නම් වෙන අයෙකුගේ නම් එයත් කුමන්ත්‍රණයක්. ඒ නිසා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ස්‌ථීරයි. ඒ නිසා ජනපති ඝාතනය කිරීම පමණක් නොව මැතිවරණයකින් තොරව ජනපති ධුරය ලබා ගැනීම සඳහා වූ දේශපාලන කුමන්ත්‍රණයක් මේ තුළින් හෙළි වෙනවා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ජනපතිට යම් ඇබැද්දියක් සිදු වුවහොත් ජනපති පුටුවේ වාඩි වෙන්න පුළුවන් අගමැතිට විතරයි. එම නිසා මෙම තත්ත්වය බරපතළයි.
හමුදාපතිවරයාට සරත් ෙµdන්සේකා බනින විට ඔහුගෙන් කටඋත්තර ගත්තේ නැහැ. ඒ වගේම කීත් නොයාර් සිද්ධියේදී හිටපු ජනපතිගෙන් හා හිටපු ආරක්‍ෂක ලේකම්ගෙන් කටඋත්තර ගත්තත් සරත් ෙµdන්සේකාගෙන් කිසිම කටඋත්තරයක් ගත්තේ නැහැ. මෙවැනි සිදුවීම් මත හදිසි කටයුත්තක් ලෙස සලකා වහාම පොලිසිය ජනපති යටතට පවරා ගත යුතුයි. එක තැන එකවර දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ කුමන්ත්‍රණය රටේ සිදුවූ අසාමාන්‍ය තත්ත්වයක්.