දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000ක මුදලක් වෙන්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා එක්ව මෙම මුදල වෙන්කිරීමට සහ එම ජනතාවට අවශ්‍ය අනිකුත් සියලු පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.
වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000කි. එම සමස්ත මුදල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.
එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.