ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…
Spread the love

වත්මන් ආණ්ඩුවේ ඩීල් දාන්නයි කොමිස් කෙළින්නයි ප්‍රසිද්ධම අමාත්‍යවරයා කවුද ඇහුවොත් ඒ ඉතිං එකෙන්ම මලික් සමරවික්‍රම කියල යාන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආව පොඩි එකත් දන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අද මේ හෙලිකරන්න යන්නෙ අන්න ඒ කොමිස් පප්පගෙ ඇඟේ එල්ලිල ඉන්න මැක්කෙක්ගෙ දහදුරා වැඩ ගැනයි.නමින් උපුල් ජයසූරිය වන මෙයා වෘත්තියෙන් නීතීඥයෙක්.ආයෝජන මණ්ඩයේ හිටපු සභාපතිත් මෙයාම තමයි.මෙයාට මේ වන විට නඩු 241 ක් තියෙනව කියල ආයෝජනය මණ්ඩලය මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු දවස් වල සිදුකරන ලද විවිධ දූෂණ ක්‍රියා හේතුවෙන් දැනට සක්‍රීය තත්වයේ පවතින නඩු 41 ක් පිළිබඳ වෙබ් මාධ්‍ය මගින් කරුණු හෙළිකරයි කියන බයට වෙබ් මාධ්‍යෙව්දීන් බොහෝ දෙනෙක්ව මිලට ගන්න මෙයා සමත් වෙලා තිබුනත් සල්ලි වලට කිසිදා නොනැමෙන අපි නීතීඥ ලෝගුවට මුවා වෙලා ජාතික ධනය මංකොල්ල කන උපුල් ජයසූරිය වන් මිනිසුන්ගේ ඇත්ත මුහුණ සමාජයට ඉදිරියේ හෙළිකිරීමට ඇප කැප වන බව ආඩම්බරයෙන් කියා සිටීමට කැමැත්තෙමු.

උපුල් ජයසූරියගේ කතාවස්තුව ඉතා කෙටියෙන් මෙහෙමයි,

මේ වන විට ලංකාවේ ආර්ථිකය මරණාසන්නව වැටී සිටින බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.එහෙම වෙන්න එක හේතුවක් තමයි කාලක පටං ඒ කියන්නෙ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු කාලයේ ඉඳන් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලය. මේ මහා මුදල් මංකොල්ලයේ මහා මොලකරු වෙන කවුරුත් නෙමෙයි අපි කතාකරන උපුල් ජයසූරිය බවට සැක පහල තියෙනවා.සැකයක් කියල කිව්වට සැකයක්ම නෙමේ ඒක ඇත්ත කියල මේ ගැන ටිකක් හොයල බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙයි.

මලික් සමරවික්‍රමගෙයි ඔහුගේ ගජයෙක් වන සිංගප්පූරු ජාතික ශ්‍රි රාම්ගෙයි ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට ශ්‍රි ලංකාව වෙතින් ආයෝජනය කරනු ලබන මලික් සමරවික්‍රමගේ කොමිස් මුදල් සිංගප්පූරුවේ ශ්‍රි රාම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ඇන්ඩ් ප්‍රොපටීස් ආයතනය වෙත යොමුකරන බව මීට කලින් අතේ මාට්ටු වෙලා තිබුන කියල ඔබට මතක ඇතිනේ.මලික් සමරවික්‍රම යටතේ තියෙන මහපොල ශිෂ්‍යත්ව අරමුදලෙන් රුපියල් මිලියන 10000 ක කොටස් ශ්‍රි රාම් ඉන්ඩස්ට්‍රීස් ආයතනය වෙත නිසි ක්‍රමවේදයකින් තොරව පවරලා කියල ඒ තොරතුරු වල සඳහන් වුණා කියලත් මතකයිනේ.

අන්න ඒ ගනුදෙනුව පිටුපස්සෙ නීති උපදේශකයා වශයෙන් පෙනී ඉඳල තියෙන්නෙ එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයාව හිටපු උපුල් ජයසූරිය බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. 2015 මැයි මස සිට 2018 අගොස්තු මස දක්වා මේ අයතා ගනුදෙනුවේ මූලික මැදිහත්කරු වශයෙන් පෙනී ඉඳල තියෙන්නේ උපුල් ජයසූරිය වන අතර, ඒ වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුව වෙත යැවෙන මෙම කොමිස් මුදල් ශ්‍රී රාම් ප්‍රොපටීස් ආයතනය මගින් හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ ප්‍රදේශයන්වල අඹ, පොල් සහ අඹුටන් වගාවන් වෙනුවෙන් ආයෝජනය කරල තියල තමයි ආරංචිය.එ් ආයේජන මුදල රුපියල් මිලියන 76.5 ක් වන අතර, ඒ සඳහා එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය අනිවාර්යයෙන් මැදිහත් වෙලා තියෙනව කියල Merbok MDF Lanka (pvt) ආයතනය වෙතින් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කරල තියෙනවා. එම පෙත්සමට අදාල නඩුව, ගොනු අංක C.A.(writ) 49/2106 දරණ අංක යටතේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරු ආයතනය වෙත රුපියල් මිලියන 1000 කට අධික මුදලක් අයතා අන්දමින් ලබාදී ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 76.5 ක මුදලක් පමණක් මෙරටට ආයෝජනය කර ඉතිරි මුදල් මිලියන 963.5 ක මුදල් අවභාවිතාවක් සහ වංචාවක් සිදුකර ඇති බවත් එම නඩුවේ කරුණු අනුව සඳහන් වෙනවා.

මේ ආකාරයට ශ්‍රී ලංකා රජයට සහ ජනතා බදු මුදලින් මිලියට ගණනක වංචාවක් සිදුකර ඇති වගඋත්තරකාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ නීතිඥ උපුල් ජයසූරිය හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටින බැව් සඳහන් කල යුතුය.

 

උපුල් ජයසූරියට එරෙහිව දැනට ඇති නඩු 241න් දැනට සක්‍රීයව පවතින නඩු 41න් වැඩි කොටසක් විවිධ සමාගම් විසින් හිටපු සභාපතිවරයා වන උපුල් ජයසූරියට එරෙහිව පවරා ඇති නඩු වන අතර,නඩු කිහිපයක් පවරා ඇත්තේ හිටපු සභාපතිවරයා වගඋත්තර කරුවෙකු කරමින් ආයෝජන මණ්ඩලයට එරෙහිව බව සඳහන් වන අතර ආයෝජන මණ්ඩලයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතාවන් හේතුවෙන් එය වසන් කිරීමට මොහු ඉල්ලා අස්වූ බව තතු දන්නෝ පවසයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙතින් කරුණු අනාවරණය වූ පසු ඔහු යම් යම් මාධ්‍යවේදීන් හට මුදල් ගෙවා තම නඩු කටයුතු වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කර ඇති බවත්  එසේම එම නඩු යට ගැසීම සඳහා විවිධ පාර්ශව හරහා පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරල තියෙනව කියලත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහුගේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ආයෝජන මණ්ඩලයට සිදු වූ පාඩුව අයකර ගැනීමට කිසිඳු ආකාරයේ නීතිමය කටයුත්තක් නොපවතින බැවින් වින්දිතයන්ට නඩු කටයුතු කඩිනම් කර තමන් හට සිදු වූ පාඩුව හෝ අයකර දෙන ලෙසට නීතියෙන් ඉදිරියේ ඉල්ලා සිට ඇත. 

කරුණු කාරනා මෙහෙම ගලාගෙන යද්දි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා වන්නේ උපුල් ජයසූරිය බව එඩ්නා චොකෝ පුද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මහතා කියා සිටීමත් සමඟ උපුල් ජයසූරිය යන්තමින් විලි වසාගෙන හිටිය රෙදි කෑල්ලත් ගැලවෙලා වැටුනා.

ඔහු පැවසූ ආකාරයටම පහතින්,

“අපි අතීතයේ සිට මේ රටට විවිධ ආයෝජන හරහා මුදල් ගෙන ආ සමාගමක්. අපි ආයෝජන මණ්ඩලය සමග සුහදව කටයුතු කර තිබෙනවා. ඒ සුහද බව හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අප ගැන දැඩි විශ්වාසයක් ඇති වී තිබුනා. නමුත් මෑත කාලයේ සිටි සභාපතිවරු අතරින් නීතිඥ උපුල් ජයසූරිය සමග එවැනි සුහද බවක් ඇති වූයේ නැහැ. එයට හේතුව ඔහුට නිරතුරුව අවශ්‍යව තිබුනේ ඔහුගේ පෞද්ගලික ලාභයක් මිස රටට සෙතක් ඇති වන අයුරින් කටයුතු කිරීම නොවේ.

කිහිප අවස්තාවල ඔහු අප සමග එවැනි අයතා ගනුදෙනුවකට යෝජනා කලත්, අප සමාගමේ ඇති කීර්තිමත් ඉතිහාසය සහ රටේ ආර්ථිකයට සෘජුව දායක වූ සමාගමක් බැවින් අප එකහෙලාම ඔහුගේ යෝජනාව බැහැල කලා. එතැන් පටන් ඔහු විවිධ පුද්ගලයන් මාර්ගයෙන් අපට බලපෑම් කරන්න කටයුතු කලා. අපට ආයෝජන අවස්තා ලබා දුන්නේ නැහැ. නමුත් අප සමාගමේ ඉතිහාසය දෙස බලන ඕනම අයෙකුට බලන්න පුලුවන් අප රටේ ආර්ථිකයට දායක වූ ආකාරය කොහොමද කියල.

කෙසේ නමුත් රටේ වාසනාවකට මෙන් ඔහු ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වුනා. නමුත් අපි සමාගම් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් එක්ව ඔහුට විරුද්ධව නඩු පවරන්න කටයුතු කලා. අපගේ සමාගමේ කීර්ති නාමයට ඔහු නිසා සිදු වූ හානියට අපි වන්දි ඉල්ලා නඩු පවරන්න කටයුතු කලා C.A. (wirt) 465\2015 පැමිණිල්ල යටතේ ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා සහ නීතිඥ සඳමාල් රාජපක්ෂ යන අයගේ මෙහෙයවීමෙන් එම නඩු ක්‍රියාත්මක වනවා. අපට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල වුනා මේ හිටපු දූෂිත සභාපතිවරයා නීතිඥයෙකු බැවින්. නමුත් අප උත්සාහය අත්හැරියේ නැහැ. උපුල් ජයසූරිය වැනි පුද්ගලයින් මෙවන් තනතුරු වලට පත්කරන අයටත් මේවට වගකියන්න සිදු වෙනවා. මේ වැනි දේ වලින් වෙන්නෙ රටට සහ ජනතාවට හානියක්.”

 

ඔන්න ඔහොමයි උපුල් ජයසූරිය කියන පුද්ගලය කළු ලෝගුව පොරවගෙන ඒ ලෝගුවේම පිහිටෙන් නීතියේ දෙව්දුවව හිත්පිත් නැති විදිහට  දූෂණය කරල බේරිල ඉන්නෙ. මේ උපුල් ගැන කියනවනම් ඊලග කෑල්ල තවත් රසවත්  ඒ මෙයා ගත්තු ලිංගික අල්ලස් ගැන හෙළිදරව්වක්…. කෙටියෙන් කියන්න හිතුවට මේ විස්තරෙත් සෑහෙන දිග වුන නිසා උපුල් ජයසූරිය ලිංගික අල්ලස් ගත්තු ගැටි ඊලග ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම්.

 lanka gossip today / lankaCnews.lk  කරුණු කාරණා සැපයූවාට ස්තූතියි!!!