පක්‍ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙන්න ජීඑල් තීරණය කරයි

පක්‍ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දෙන්න ජීඑල් තීරණය කරයි
Spread the love

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා ලෙස පක්‍ෂයේ ජාතික මහා සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනය කරන බව පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 

පක්‍ෂයට වසර දෙකක්‌ සපිරෙන ලබන මාසයේදී (නොවැම්බර්) පැවැත්වීමට නියමිත ජාතික මහා සම්මේලනයේදී මෙම කෙරෙන ආරාධනය මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගනු ඇතැයි පාක්‍ෂිකයන්ගේ දැඩි අපේක්‍ෂාව හා රටේ බලාපොරොත්තුව බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්‌ථාව සකස්‌ කර ඇති අතර තරුණ හා කාන්තා පෙරමුණු සඳහා වෙන වෙනම ව්‍යවස්‌ථාව සකස්‌ කර ඇති බවත් හෙතෙම කීවේය.

පක්‍ෂ ජාතික මහා සම්මේලනයට පෙර ශාඛා සමිති භික්‌ෂු සංවිධාන, වෘත්තීය සංවිධාන, ගොවි සමිති, කලාකරුවන්ගේ සංවිධාන ඇතුළු සංවිධාන ජාලය පිහිටුවා අවසන් කිරීමටත් තීරණය කර තිබේ.

බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (01 ) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මෙම කරුණු අනාවරණය කළේය.