වත්මන් ආණ්ඩුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි.
ගණේමුල්ල ප්රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.