මිරිස්ස/හික්කඩුව වෙරලාරක්ෂකයොත් වැඩ අල්ලයි.. ගිලෙන්න ගිය දෙදෙනෙක් බේරාගැනේ…

Spread the love

සිංහල අවුරුදු යෙදුනු අද දින මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසුව ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙකු බේරා ගෙන තිබෙන බව අපට වාර්තා වේ.

ඒ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් වන අතර මෙලෙස බේරා ගැණුනේ 54 හැවිරිදි ඉරාන ජාතිකයෙක් සහ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

එමෙන්ම හික්කඩුව වෙරළ තීරයට ඔබ්බෙන් හෝ මුහුදු ප‍්‍රදේශයේ දිය නාමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ද දියේ ගිලී තිබෙනවා. 

හික්කඩුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ඔවුන් ද බේරා ගෙන තිබෙනවා. 

[rns_reactions]