රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි

රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි
Spread the love

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වු අතර රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබිණ.

මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විනාඩි 20ක පමණ සාකච්ඡාවකද නිරත වී ඇති බවත් මෙම සමුළුවට දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගී වී සිටි බවත් මේ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක ද එක්ව සිටි බවත් දක්නට ලැබුණි.