රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය තනිකඩ දිවියට යළිත් තිත තබා ඇති බව පසුගිය සතියේ රිද්ම අතිරේකය ජයසේකර අපොන්සු සහ ඔහුගේ නව සහකාරියවන සුජාතා ප‍්‍රියදර්ශනී සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පාඨක ඔබ වෙත මුල් වරට අනාවරණය කළා. එය රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ උණුසුම් පුවතක් බවට පත් වූයේ 67හැවිරිදි ජයසේකර අපොන්සු අතගත් සහකාරිය 25 හැවිරිදි තරුණියක වීම නිසයි. එබැවින් මෙ ලිපිය රිද්ම අතිරේකයේ පළවීමෙන් අනතුරුව පාඨකයන් බොහෝ පිරිසක් අප අමතා නව යුවළ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා සිටියා. එපමණක් නොව රිද්ම අතිරේකයේ පළමු සම්මුඛ සාකච්ඡාව අපේ රටේ බොහෝ වෙබ් අඩවි විසින්ද එලෙසින්ම උපුටාගෙන නැවත පළ කොට තිබුණා. එම ලිපිය රිද්ම අතිරේකයේ මුල්වරට පළවීමත් සමග තමන්ට ලැබුණු අසීමිත ප‍්‍රතිචාර පිළිබඳව ජයසේකර අපොන්සුද මුහුණු පොත හරහා සිය අදහස් ගෙනහැර දක්වන්නට අමතක කර තිබුණේ නැහැ. ඉකුත් සතියේ පළවූ සම්මුඛ සාකච්ඡාවට පාඨකයන්ගෙන් ලැබුණු ඉහළ ප‍්‍රතිචාර සලකා බලමින් එම ෆේස්බුක් සටහන් දෙක මෙවර ඔබ වෙනුවෙන් ‘රිද්ම’ අතිරේකයේ පළකිරීමට අප තීරණය කළා.
මගේ ජීවිතේ බොරුව නෑ
මගේ උසට වඩා තාප්ප ගහපු ලස්සන ගේ මහජන බැංකුවට ණය ගෙවන්න හැරල්ඞ් විජේසිංහට වික්කේ ඉතාම අඩුවට. එ් පළවෙනි චිත‍්‍රපටයට වෙච්ච ණය බේරන්න.
ඒ ගැන මගේ තණ්හාවක් නෑ. ඉතිං මගේ සහෝදරියගේ ගෙදරට මට එන්න කිව්වට මං ගියේ නෑ. නංගිලාට කරදරයක් නෑ කිව්වට මං තනිකඩයා, කලා වැඩවලට ගියාම ? දෙගොඩ හරියේ යන්න එන්න වෙනවා. මල්ලිත් මට වෙනම කාමරයක් හැදුවා ac room එකක් එක්ක.
අවන්ති නංගිගේ ගේත් හරිම ශෝක්. මම නිදහසේ ඉන්න කාමරයක් හෙව්වා.
චන්ද්‍රරත්න මාපිටිගමගේ කරපු ටෙලි නාට්‍යක ෂූටිං ගියාම පුෂ්පා ජෙනට් රංගන සහෝදරිය හමු වුණා. මං ඒ නංගීගෙන් ඇහුවා මට නවතින්න කාමරයක් හොයලා දෙන්න කියලා. මේ අතර ඒ කාලේ නිවාස ඇමැති විමල් වීරවංශ මැතිතුමා හමුවෙලා ගෙයක් ඉල්ලූවා. එතුමා කිව්වා කලාකරුවෝ සඳහා නිවාස හදන්න යනවා, ඒක කරද්දී ඉස්සෙල්ලාම ගේ දෙන්නම් කියලා. පුෂ්පා ජෙනට් නංගී කිව්වා අපේ ගෙදර හොඳම කාමරයක් තියෙනවා අයියා ඇවිත් බලන්න කියලා. මං ගිහින් බැලූවා හරිම ශෝක්.
කාමරේ ඒසීත් තිබුණා. ඇටෑච් බාත් රූම් එක්ක මාසික කුලියත් හරිම සාධාරණයි.
ඒ කාමරේ අවුරුදු 8ක් මං හිටියා පුෂ්පා නංගිගේ දුවලා දෙන්නා මගේම සහෝදරියෝ වගේ. පුෂ්පා ජෙනට් නංගිත් මගේ සහෝදරියක් වගේ. කිසිම මොහොතක සිත් රිදවීමක් ඔවුන්ගෙන්වත් මගෙන්වත් සිදු වුණේ් නෑ. මගේ හිතට ආදර වන්තියක් ඇතුල් වුණා. එ් සුජාතා ප‍්‍රියදර්ශනී. කිසිම කෙනෙක්ට මං මේ ගැන කිව්වේ නෑ. දවසක් ඇගේ පියා සමග මට විස්කෝතු කෙසෙල් කෑම රැගෙන සුජාතා ප‍්‍රියදර්ශනී කාමරේට ආවා. ඇගේ පියා අපේ සම්බන්ධය දැනගෙන හිටියේ නෑ.
කාමරේ මකුලූ දැල් දැකලා සුජාතා කිව්වා මෙච්චර ලස්සන කාමරේ මකුලූ දැල් හින්දා කැතවෙනවා නේ කියලා. මං ඇයට කිව්වා මානව දයාව අනුව ඔය මකුලූ දැල් කඩන්නෑ කියලා. සුජාතා එකට එක කියන් නෑ. ඇයත් මගේ අදහසට එකඟ වුණා. අපේ ආදරේ අවුරුදු හතරක් වෙනකොට සුජාතා කරපු පෝන්සිම් රස්සාවෙන් ඇය හොඳ වේතනයක් ලබමින් හිටියා. මම ඇගේ රැකියාව කරපු බණ්ඩාරවෙල ගිහින් ඇගේ රැකියාවට අවශ්‍ය වීදි නාට්‍යයකුත් පුහුණු කළා. ඇය ඒ රැකියාවෙන් මුදල් එකතු කරලා මැදවච්චියේ ලස්සන ගේකුත් හැදුවා. මං සත පහක් මේ සඳහා. වියදම් කළේ නෑ. ඇය මගෙන් සූරාකන්න ආපු ආදරවන්තියක් නෙමෙයි. කොහොම හරි සුජාතාට මං කඩෙන් කාලා ඉන්න එක ගැන දුක හිතිලා කාමරේට ආවා කරපු රැකියාවෙන් අයින් වෙලා. දෙමව්පියන් මොනවා කිව්වත් කමක් නෑ කිව්වා. පුෂ්පා ජෙනට් නංගිට ඇත්තම කිව්වා. සතියක් යද්දී පුෂ්පා නංගී මට කිව්වා අයියා සුජාතා හරිම ශෝක් අයියාට හොඳටම ගැළපෙනවා කියලා. මං බයේ හිටියේ ලොකු නංගිගේ ආශීර්වාදය ගැන. ඇයත් තේරුම් ගත්තා සුජාතා හොඳ බව. මගේ පවුලෙ අයගේ ආශීර්වාදය හරි මට සතුට එයයි. මේ ළඟදී ලක්බිම රිද්ම පත්තරේට අපි ගැන ආටිකල් එකක් ගත්තා. අපි ඇත්තම කිව්වා. අපි ඒ අලංකාර මනරම් කාමරය අතෑරලා කුස්සියක් සාලයක් තියෙන කුලී ගේකට ආවේ සුජාතාට රසට උයන්න පුළුවන් හින්දා. මට දැන් උදේට දවල්ට හෝටල්වලට යන්න ඕන නෑ. මං දැන් ටෙලි නාට්‍යයක් ලියනවා. නිවීසැනසිල්ලේ අලූත්ම වේදිකා නාට්‍යයකුත් ලියනවා.
අයියගේ පෙම් පටළැවිල්ල ගැන අදහස් දක්වලා ජනතාවට විහිළු සපයන්න මම කැමැති නැහැ
– අවන්ති අපොන්සු
සිය සොහොයුරා පිළිබඳ අදහස් දක්වමින් ප‍්‍රවීණ රංගන ශිල්පිනී අවන්ති අපොන්සු මීට වසරකට පමණ පෙර රිද්ම අතිරේකය සමග කළ සාකච්ඡුාවකදී පැවැසූ කාරණාවක් වූයේ සොහොයුරා නැවතත් විවාහයක් ගැන සිතනවාටවත් තමන් කිසිසේත්ම අකමැති බවයි. සිය සොහොයුරාගේ අලූත් ජීවිතය ගැන ඇය දැන් දක්වන අදහස් කෙබ`දුදැයි රිද්ම පසුගිය දිනක අවන්ති අපොන්සුන්ගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප‍්‍රකාශ කළේ එ් ගැන අදහස් පළකර ජනතාවට විහිළු සපයන කෙනෙකු බවට පත්වීමට තමන් අකමැති බවයි.
වයස් පරතරය අපට ප‍්‍රශ්නයක් නෙමෙයි
මේ දවස්වල මුළු රටේම නෙමෙයි ලෝකයේ ම සිංහල අය ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් හැමෝම අතරේ මං (ජයසේකර අපොන්සු* අතිවිශාල ජනප‍්‍රියත්වයට පත්වෙලා. ඊයේ කඩුවෙල පෙට‍්‍රල් ෂෙඞ් එකේදී හ`දුනන්නේ නැති නෝනා කෙනෙක් ඇවිත් ”හලෝ ඔයා නේද සුජාතා ප‍්‍රියදර්ශනී සුබ මංගලම් මිස්ට අපොන්සු කියලා” අපිට සුබ පැතුවා. මේ අපේ සම්බන්ධය ගොසිප් එකේ දාලා. හැබැයි සුබපැතුම් එක්ක. කමෙන්ට්ස් මහා ගොඩාක් ඇවිත්. බැණලා සුබ පතලා. සමහරු අහලා මේ කෙල්ලට ලංකාවේ කොල්ලෙක් නැතුවද මේ ….කියලා. අපිට මේවා ගානක් නෑ. මේ ළ`ගදී මම උත්සවයකට ගිහින් කාර් එක නැවැත්තුවා පොල් ගහක් යට.
ඇවිත් බලනකොට පොල්ගෙඩියක් වැටිලා කාර් එකේ පිටිපස්සේ වින්ස්ක‍්‍රීන් එක සම්පූර්ණයෙන්ම බි`දිලා. මේක දැක්කගමන් මට පොඞ්ඩක්වත් හිතට වේදනාවක් දැනුණේ නෑ.
ඒ වෙලාවේ සුජාතා මට කිව්වා හැමදේම අනිත්‍යයි ඒත් මං බිෙ`දන්නෑනේ කියලා. අපි දෙන්නා සතුටෙන් හිනාවෙනකොට එතනට ආපු මහත්තයෙක් හාපෝ මාර අප්සට් එකක් නේ හිතට ගොඩාක් අමාරු ඇතිනේද කියලා ඇහුවා.
අපි දෙන්නා සැහැල්ලූවෙන් හිනා වුණා. සුජාතා කිව්වා කිසිම අප්සට් එකක් නෑ කියලා. අපි ජෝඩුව අවුරුදු පහක් ඇසුරු කළා වයස පරතරයක් අපිට නෑ.
සමහරු මේකේ සටහන් කරන්න බැරි කමෙන්ට්ස් එවලා. හුඟාක් අය ආදරේ විවාහය මනින විදිහට නෙමෙයි අපේ විවාහය. මම එයාට වෙලාවකට ළමයෙක්. අපේ අම්මගෙන් මට ලැබුණේ ඉහළම සෙනෙහසක්. ඊට සමාන සෙනෙහසක් සුජාතාගෙන් මට ලැබෙනවා. වෙලාවකට ඇය අහිංසක ගුරුතුමියක්. මාව ඇය බාල කරන්නෑ.
සමාජය ගැන ඇය හො`දින් දන්නවා. මගෙන් හූරා ගන්න මිල මුදල් මං ළඟ නෑ. ඇය ලස්සන ගේ පොඞ්ඩක් හදලා තියෙනවා. ඇය කරපු සිම් රැකියාවෙන් හම්බකරපු මුදල් ඉතුරු කරලා. මම ඒ රැකියාව කරපු තැනට ගිය නිසා දන්නවා. ඇගේ උත්සාහය ගැන ඇගේ දිරිය ගැන. මේ සම්බන්ධය නිසා ආශීර්වාදය වගේම දෝෂාරෝපණයත් ඇහෙනවා, පේනවා. අපි ආශීර්වාදය ආශීර්වාදයෙන් පිළිගන්නවා. දෝෂාරෝපණ කනට හිතට ඇහැට ගන්නේ නෑ.