ශ්‍රී ලංකාවේ මේ වන විට අණ්ඩුවක් ක්‍රියාත්මක නොවූවද අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල කටයුතු කිරීමට බාධාවක් නැති බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු සඳහන් කරති.
අමාත්‍යාංශ හා මේ යටතේ ඇති සෑම රාජ්‍ය ආයතනයකම කටයුතු සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. අමාත්‍යාංශවල ලේකම්වරු ඒ ආයතනවල ප්‍රධාන ගණන්දෙන නිලධාරියා ලෙස ඒ වෙන්කර දී ඇති මුදල් වියදම් කරන්න පුළුවන්. නිලධාරීන් අතින් වැරදි සිදුවනවා නම් ඒ ගැන අධීක්ෂණය කරන්න ජනාධිපති ලේකම්ට පුළුවන්. මේ නිසා අගමැති හා අමාත්‍ය මණ්ඩලය නොමැති වූවායැයි කියල අමාත්‍යාංශවල හෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධාවක් නෑ යැයිද ඔවුහු කියති.