චන්ද්‍රිකාට කෝටි දහස් ගණනක කොන්ත්‍රාත්තුවක්

චන්ද්‍රිකාට කෝටි දහස් ගණනක කොන්ත්‍රාත්තුවක්
Spread the love

බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වැළැක්වීමට නම් ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් කඩිනමින් ගොඩ නැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

“දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ගේ දැන් රැස්වීම්වල කියමින් යනවා, ‘ගෙන එනු ලබන නව ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක බලයටත් වඩා වැඩි බලයක් ලැබෙනවා.

පළාත් දෙකක් එම පළාත් දෙකේ ජනතාවගේ කැමැත්තෙන් ඒකාබද්ධ කරන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා’ කියා.

මේ කියන්නේ අපි නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන ගැලවුම්කරු එම්. ඒ. සුමන්තිරන්. මේ කතාව අනුව හිතා බලන්න උතුරු – නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් තිබියදී උතුරු – නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා,

ඒ වගේම අපි දන්නවා බලවත් බටහිර රටවල් කිහිපයකටම දැඩි රුදාවක් තිබෙනවා මේ රටේ ෆෙඩරල් පාලනයක් අතිකර ගැනීමට. ත්‍රිකුණාමල ප්‍රදේශය තමන්ගේ හමුදා තිප්පොළක් බවට පත්කර ගැනීම සඳහා ඇමෙරිකාවට උතුරු – නැඟෙනහිර බලවත් ප්‍රාන්ත ආණ්ඩුවක් ඇති වීම වැදගත්.

ඒ වගේම ඉඩම් පිළිබඳ බලය ඒ ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී තිබීමත් ඔවුනට වැදගත්. ‘කොතැනින්, කොපමණ ඉඩම් ප්‍රමාණයක් ඇමෙරිකානු හමුදා කඳවුරකට ලබා දෙනවා ද?’යන්න තීරණය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩුවකට ලැබී තිබීම ඇමෙරිකාවට ඉතා වැදගත්.

දුර්වල මධ්‍යම ආණ්ඩුවක් ඇති කොට, උතුරු – නැඟෙනහිර බලවත් පළාත් ආණ්ඩුවක් ඇති කිරීමෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට මැදිහත්වීමේ ඉඩකඩ මෙමගින් බටහිර බලවතුන්ට ලැබෙනවා. ඒකයි ඔවුන් මේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර දීමට උත්සාහ ගන්නේ.

රණවිරුවන් දසදහස් ගණනක් දිවිපුදා නතර කළ ‘ඊළාම් සිහිනය’ පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලබන ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් සැබෑකර ගැනීමේ සුමන්තිරන්ලාගේ ප්‍රයත්නය කෙසේ හෝ පැරදවිය යුතුව තිබෙනවා.

අපි දන්නා ආකාරයට දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපතිවරියකට විශාල මුදලක් ලබා දී තිබෙනකවා. ඒ මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගැනීම සඳහායි.“