අනතුරු වළකන්න මීතොටමුල්ලට විදුලිය නෑ..

Spread the love

ආපදාවට පත් ජනයාට සිදුවිය හැකි අනතුරු අවමකරනු පිණිස මීතොටමුල්ල ප්‍රදේශයේ විදුලිය අක්‍රීය කළ බව  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ප්‍රදේශවල ජනයාට අවශ්‍ය විදුලිය ලබාදීම විදුලි ජනක යන්ත්‍ර මගින් සිදුකරන බවද අමාත්‍යංශය කියා සිටියි.

අද පස්වරුවේ මීතොටමුල්ල කුණුකන්ද නායයාමකට ලක්වූ අතර එයින් නිවාස සිය ගණනකට හානි සිදුවූ අතර මේවන විට තුවාල ලැබූවන් හය දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

නිවාස ගණනාවක් කුණු කන්දට යටවී ඇති අතර මේවන විටත් ආරක්ෂක අංශ මැදිහත්ව එලෙස යටවූ පිරිස් බේරාගනිමින් සිටින බව අපට වාර්තා වේ.

[rns_reactions]