රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා…

රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා…
Spread the love

රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි.

පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලදී.

ආගම තුළින් රටක් ගොඩනැගෙන අතර, කුමන ආගමකින් වුවද සමාජය නිසි මඟකට යොමු කිරීමට සෑම අවස්ථාවකම උත්සහ කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

බෞද්ධ ධර්මය තුළ අනෙක් සියලු ආගම්වලට නිදහසක් ලබා දෙන බවත්, කිසිදු බාධාවකින් තොරව ආගම් ඇඳහීමේ නිදහස හිමි වෙන බව ද කියා සිටියේය.

පුද්ගල නිදහස ගැන කථා කරන කාලයක් බවත්, පුද්ගල නිදහස ලැබෙන අතරම පුද්ගල විනය ඉතාමත් වැදගත් වන බවත්, එසේ නොමැති නම් සමාජය වියවුල් තත්ත්වයකට පත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.