නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)

නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)
Spread the love

ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද නදිමාල් පෙරේරා කටුනායකදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගිය නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නැමැත්තා නොතකා නදිමාල් පෙරේරා යන්නට ගියේය.

එම අවස්ථාවේදී මදක් කෝපයටත් ලැජ්ජාවටත් පත් වූ උදුල් පේ‍්‍රමරත්න ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද.. පොඩි එකෙක් ඌ.. සලමන් ඛාන් කුඩු ගහල අහුවුනාද..’ යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ ඔහු පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේ නදිමාල් පෙරේරා හෝ අමල් පෙරේරා කිසිදු වරදක් කර නැති බවයි.

පොලීසියෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයක් පමණක් බවත් ඔහු සදහන් කලේය.

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මුල් දිනවල උදුල් පේ‍්‍රමරත්න නීති සහාය සදහා කියමින් ඩුබායි බලා පිටත්ව ගියේය.

නිසි පුහුණුවක් සහ දක්ෂකමක් නොමැතිකමින් නඩු නොමැති, ජනතාව පයිසකට මායිම් නොකරන කළු කබා පොරවා ගත් නීතිඥයින් ලෙස පෙනී සිටින ඇතැමුන් අපරාධකරුවන් හෝ සැකකරුවන් පසුපස ලුහුබඳින්නේ කීයක් හෝ කඩාගෙන ජීවත්වීමට සහ පොර ප්‍රචාරණයක් ලබාගැනීමට බව නොරහසකි.