විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය.
මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත.
මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.
විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි.
ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ.
නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.
වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.

