විදුලි කප්පාදුව 10 වැනිදායින් අවසන්

විදුලි කප්පාදුව 10 වැනිදායින් අවසන්
Spread the love

මෙම අපේ‍්‍රල් මස 10 වැනිදා සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා පවසයි.

කෙසේ වෙතත් දීර්ඝකාලීනව මෙම ප‍්‍රශ්නය විසදන තෙක් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයිද ඔහු ඉල්ලා සිටී.

මෙගාවොට් 500ක පමණ ප‍්‍රමාණයක් කෙටි කාලීනව සපයාගැනීම ගැන මුල් පියවරේදී සාකච්චා කරන බවත් දෙවනුව අලුත්වැඩියා කල යුතු බලාගාර නිසි පරිදි ක‍්‍රියාකාරී තත්වයට පත් කිරීමත් දීර්ඝ කාලීන සැලැස්ම ලෙස මෙගා වොට් 3000-3500 ක ප‍්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරිමට වැඩපිලිවෙලක් සාදන බවද ඔහු සදහන් කලේය.