ඇල්පිටිය, වතුරුවිලකන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 13 යි මාස 11 ක බාලවයස්කාර සිය නෑණා දූෂණය කළේ යෑයි ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද දූෂණයට ලක්වූ බව කියන දැරියගේ අක්කාගේ සැමියා 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා 6 දා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඇල්පිටිය පොලිසියට දැනුම් දුන්නේය. දූෂණයට පත් දැරියගේ මව ඇල්පිටිය පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 8 වන ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන දැරියගේ වැඩිමහල් සොයුරිය සමග සැකකරු විවාහවී සිටින අතර සැකකරුට හා දැරියගේ 22 හැවිරිදි සහෝදරියට දරුවෙකුද සිටින බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු මීට වසරකට පමණ පෙර සිට වරින් වර තමන් සමග යාළු වන ලෙස දැරියට බලකර තිබෙන බවත් මීට මාස 6 කට පමණ පෙර දැරිය තමන් සමග යාළු නොවුණ හොත් සිය අක්කා දික්කසාද කරන බවට තර්ජනය කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පසුව දැරිය සැකකරුට යම් එකඟතාවක් දක්වා ඇති බවත් මාස 5 ක පමණ කාලයක සිට දැරිය සැකකරු විසින් වරින් වර දූෂණය කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
තමා අවස්ථා කීපයකදීම සිය මස්සිනා විසින් කුරුඳු කැලයට රැගෙන ගොස් දූෂණයට ලක් කළ බවද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දැරිය විසින් ප්‍රකාශ කර තිබේ. දූෂණයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ආර්. මුණසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙන අතර දැරිය බරපතළ ලෙස දූෂණයට ලක්ව තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.
ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත්, කාන්තා උප පොලිස් පරීක්ෂිකා මංජුලා යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.