මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.
අද (15) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 13 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.
[rns_reactions]

