බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා….
ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා..
පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා….
ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
සම නිය දීප්තිමත් කර ගෙන ….
අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා …
මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි …..
ඇය කීවා…
දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින්
පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා .
අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි
ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා….
ඇය මේවා සියල්ලම අරන් ගිහින් ….ව්‍යාපාරිකයාගේ අතට දීලා මෙහෙම කීවා .
ඔයා ලස්සනට ඉන්න කොට කාටද ආඩම්බර මටයි .ඒ කියන්නේ මම ඔයාට හුඟක් ආදරෙයි….
තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා….
ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා …අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ …ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ
ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .
ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පියයුරු සහිත කාන්තාව විවාහ කර ගත්තා..
-උපුටා ගැනීමකි-